[[ගොනුව:Crushed by elephant.png|thumb|හස්තියෙකු විසින්, [[ලංකාව|ලංකාවෙහි]] මරණයට නියමවූ සිරකරුවෙකුගේ ශරීර අවයව ගලවා දමන අයුරු. රොබට් නොක්ස්ගේ ''[[ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්]]'' (1681) එන චිත්රයකි.]] '''හස්තීන් ලවා මරණ දඞුවම ක්‍රියාත්මක කිරීම''' යනු, [[දකුණු ආසියාව |දකුණු]] සහ [[අග්නිදිග ආසියාවේ]] සහ, විශේෂයෙන් [[ඉන්දියාව|ඉන්දියාවෙහි]] [[මරණීය දණ්ඩනය]] පැමිණවීමෙහි ප්‍රචලිත ක්‍රමයක් විය. ප්‍රසිද්ධයේ සිදු කෙරුණු මරණ දඞුවම් පැමිණවීම් වලදී [[තෙරපීම (මරණ දඞුවම පැමිණවීම)|පයින් තෙරපා දැමීම]], අවයව ගලවා දැමීම හෝ, වධ හිංසා පැමිණවීම සඳහා [[ආසියානු ඇතා|ආසියානු ඇතුන්]] භාවිතා කෙරිණි. පුහුණු කරන ලද්දාවූ සහ මෙම සතුන් හට, දඞුවමට ගොදුරු වූවන් සැණෙන් මරා දැමීමට හෝ දිගු කාලයක් තුල වධ හිංසා පැමිණවීමට හෝ සමත් කම් ඇත්තාවූ වූහ. මෙම කාර්යය සඳහා රාජකීයයන් විසින් යොදවනු ලැබූ මෙම හස්තීන්, පාලකයාගේ අපරිම බලය සහ වල් සතුන් පවා හැසිරවීමෙහි ඔහු සතු හැකියාව පිළිබිඹු කිරීමට භාවිතා කෙරිණි. ද හස්තීන් ලවා සිරකරුවන් මරණයට පත්කිරීමේ දර්ශන දැක භීතියට පත් යුරෝපීය සංචාරකයන් ඒ පිළිබඳ අවධානය යොමු කළ අතර, ඒ පිළිබඳ විස්තර සමකාලීන ජර්නල සහ ආසියානු දිවිය පිළිබඳ විස්තරයන්හී ප්‍රකාශයට පත්කොට තිබුණි. 18 වන සහ 19 වන සියවස්හිදී මෙම ප්‍රදේශයෙහි ජනවාස පිහිටවූ යුරෝපියානු අධිරාජ්‍යයන් විසින් මෙම ව්‍යවහාරය අත්‍යන්තයේදී නවතා දමන ලදි. ප්‍රාථමික වශයෙන් ආසියාවට සීමා වී තිබුණු මෙය, [[පුරාතන රෝමය |රෝමය]] සහ [[කාර්තේජය]] වැනි බටහිර බලවතුන් විසින්ද සමහරවිට භාවිතා කර ඇත්තේ කැරලිකාර සොල්දාදුවන් අරභයා ක්‍රියාමාර්ග ගැනීම සඳහාය.